SamajaSathkara.lk යනු අසරණ මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට නිර්මාණය වූ පදනමකි. මෙය මාගේ ජීවිතය හා සමානවයි මා සිතන්නේ. ඉතින් මා මෙන්ම සමාජ සත්කාර වලට ආදරය කරන පිරිස් මාගේ මුහුණු පොතේ ඉන්නවා. ශ්රමයෙන් මුදලින් ආදී ලෙස ඔවුන් මාගේ මේ කටයුත්ත සාර්ථකව සිදු කරගෙන යාමට මා වෙත නිති දායකත්වය ලබා දෙනවා. කිසි දවසක දැක නැති වුවත් දැක තිබුනත් ඔවුන් හා බැඳී පවතින්නේ මිතුරු කමකටත් වඩා සහෝදර බැඳීමකි. විශ්වාසය මත ගොඩ නැගුනු මේ බැඳීම් අප රටේ දුක් විදින දහස් ගණන් මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට හැකි සෑම විටම කටයුතු කරයි.
ඉතිං ඊයේ උදෑසන මම SamajaSathkara.lk කණ්ඩායමේ ගයනි නංගි, ශෂික මල්ලි, විජිත අයිය සහ මගේ ඩ්රයිවර් මල්ලිත් එක්ක උදේම රුවන්වැලිසෑයට ගියේ මගේ මිතුරන් වෙනුවෙන් ආශිර්වාද කරන්න.
අප රුවන්වැලි මහා සෑය උදෙසා පුජා කිරීමට අතර මගදී නෙලුම් මල්, නිල් මානෙල් මල්, පිච්ච මල්, ඖෂධ ආදිය මිලදී ගත්තා. ඒ මල් අපි චෛත්ය මළුවේදී මහා සෑ රදුන් වෙනුවෙන් පුජා කළා. අනතුරුව හඳුන්කුරු දල්වා මහා සෑ රදුන් උදෙසා සුවඳ දුම් පුජාවක්, පහන් පූජාවක්ද, ඖෂධ පූජාවක්ද සිදු කළා. අවසානයේ රැස් කරගත් සියලු පිං දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට අනුමෝදන් කලා.
පෙරේදා රාත්රී දැමූ පෝස්ට් එකට ගොඩක් අය තමන්ගේ බලාපොරොත්තු, ප්රාර්ථනාවන් මට චැට් එකට එවලා තිබුණා. ඉතිං මං ඒ හැම දෙයක්ම පිළිවෙලට ලියාගෙන ගියා. ඒ හැම ප්රාර්ථනාවක්ම ඒ අය බලාපොරොත්තු වූ ආකාරයටම ඉෂ්ට කලා. විනාඩි 10ක් පමණ ඉඳලා යන්න කියලා ආවත් උදෑසන 6 සිට දහවල් 12දක්වා මේ වෙනුවෙන් කැපවෙන්න වුණා. වාර 5කට වඩා නැවත නැවත මල් සහ අවශ්ය දේවල් ගන්න ආපසු එන්න වුණා. ගයනි සහ ශෂික නොහිටියනම් ඇත්තෙන්ම මට මෙය තනියෙන් කරගැනීමට අපහසු වෙනවා.
සියලුම දෙනාම පසුගිය කාලයේ මා සමඟ එක්ව පිංකම් කලා. ගොඩක් අය තමන්ගේම මල්ලි කෙනෙක්, අයියා කෙනෙක්, දරුවෙක්ට වගේ මට සලකන්නේ. සමහර අයට තමන්ගේ නෑදෑ හිතමිත්රාදීන්ට වඩා මාව විශ්වාසයි. ඒ අයගේ ප්රශ්න මට කියනවා. ඉතිං ඒ හැමදේම හිතාගෙන තමයි මම ඊයේ ස්වර්ණමාලී චෛත්යය රාජයානන් වහන්සේ වන්දනාමාන කලේ. ඔබ සියලුම දෙනාගේ පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා. පවුල් ජිවිත සාර්ථක වේවා. අධ්යාපන කටයුතු සාර්ථක වේවා. ව්යාපාර දිනෙන් දින දියුණු වේවා, දරුවන්ගේ අධ්යාපන කටයුතු, විවාහ සාර්ථක වේවා. නීරෝගී දරුඵල ලැබේවා, ලෙඩදුක් සුවවේවා, ආදරවන්තයිනේ ආදරය සාර්ථක වේවා, ප්රේමවන්තයින්, ප්රේමවන්තියන් ලැබේවා. පිටරට සිටින ඔබගේ ප්රශ්න නිරවුල් වේවා, නිදුක් නීරෝගී වේවා යන ප්රාර්ථනය ඇතුලුව තමයි මා මේ හැම දෙයක්ම කලේ. අපි සියලුම දෙනා සිදුකලා වූ කුසල කර්ම වලින් ලබාගත් පිං දෙවියන්ට මෙන්ම මළගිය ඥාතීන්ට අනුමෝදන් කලා. ඔබ සියලුම දෙනාම මා සමඟ එකතුව පිංකම් කලා, ඉදිරියටත් එසේ කරන්න. එවිට ඔබට තුණුරුවන්ගේ/ දෙවියන්ගේ ආශිර්වාද නොඅඩුව ලැබේවි. අපි එකතු වී තව තවත් පිංකම් කරමු…
ඒත් එක්කම සියලුම SamajaSathkara.lk හා සම්බන්ධ ෆේස්බුක් මිතුරු මිතුරියන්ටද (Donor/Volunteer) ලෝ වැසි සියලුම දෙනාටද ආශිර්වාද පතාද දඹුල්ල ගොඩනගන පාසල් ගොඩනැගිලි ව්යාපෘතිය සාර්ථක වීමට ප්රාර්ථනා කලා. අපේ SamajaSathkara.lk හි අනාගතය බාරගන්නා ඉන්නා අයියාගේ බබත් නීරෝගීව මෙලොව එළිය දකින්න කියා ප්රාර්ථනා කලා. ඒ වගේම මාගේ පොඩි අක්කාටත් දරුඵල ලැබෙන්නට කියාදා, අම්මාට නීරෝගීසුවද ප්රාර්ථනා කලා.
මගේ අක්කලා 3 දෙනා සහ අම්මා, අසනීපෙන් පසුවෙන මාගේ ලොකු නෑණාට ඉක්මන් සුවයද ප්රාර්ථනා කලා.
මේ සියලුම කුසල්වල ආනුභාවයෙන් ඔබ සියලු දෙනා නිදුක් වේවා, නීරෝගී වේවා…
SamajaSathkara.lk මූලික අඩිතාලමට මඟ පෙන්වූ මාගේ පියාණන්ට මේ පිං අනුමෝදන් වේවා.
ෆේස්බුක් නිර්මාණය කල Mark Zuckerberg අයියාද විශේෂයෙන්ම සිහිපත් කලා. ඔහු නිසා අද දසදහසක් ගණනක් මිනිසුන් සමාජසත්කාර.lk ඔස්සේ ප්රතිලාභ ලබනවා. ඔහුට තව තවත් ෆේස්බුක් දියුණු කිරීමට ලැබේවා.
මට ඉතිං වෙනදා වගේම ප්රාර්ථනා කරන්න දෙයක් තිබ්බේ නෑ. අවශ්ය පෙට්රල් ටිකක් විතරයි. ඒක ෆේස්බුක් යාලුවෝ දෙනවා. කෙල්ලෙක් නැති මගේ ජිවිතේ නිදහස්, අවසන් හුස්ම තෙක් කැපකරනවා අනික් අය වෙනුවෙන්…. හැම මොහෙතෙම සතුටින්….
එකම දේ වසර 2020 වනවිට ලංකාවේ හොඳම සමාජසේවා ආයතනය සහ ඒ වෙනුවෙන් වඩාත්ම කැපවෙන පුද්ගලයා වීමයි. භෞතික සම්මාන නොව මට අවශ්ය ආශිර්වාදයි. කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තියයි.
ඔබේ නම සඳහන් කරන්න අතපසුවූවානම් සමාවන්න. සැමවිටම SamajaSathkara.lk සා සම්බන්ධ ඔබ මා සලකන්නේ දෙවිවරුන්, දේවතාවියන් ලෙස. හදවතින් හැම මොහොතකම ආශිර්වාද කරනවා නමින් සඳහන් නොකලත්. මන්ද විනාශ වී යන අද සමාජයේ අද එය තනිව ගොඩගන්න වෙරදරන මාහට ශක්තියක් වන්නේ මාගේ ෆේස්බුක් මිතුරන්….
ශ්රී සෞභාග්ය ධෛර්ය, බුද්ධි තේජස් ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්රමාණ පුණ්යසම්පත්තියක් ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්යවත් අරහත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක් මඟුල් ලකුණු අනුහසින්
සවණක් ඝණ බුදුරැස් අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක් ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද
ඔබ සියලු දෙනාගේ
සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද
සියලු දුක් දොම්නස් ද දුරුවේවා·
ඔබ සියලු දෙනාගේ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක් ජීවත්වීමේ වාසනාව
උදාවේවා·
තෙරුවණ් සරණයි !!!
සමාජසත්කාර ආශිර්වාද පූජා







