ඇටම්පිටිය ආච්චි අම්මා බලන්න ගියා

by | Feb 7, 2017 | Travel | 0 comments

ඇටම්පිටිය ආච්චි අම්මා බලන්න ගියා
ඔයාලට මතකනේ අර හරක් 4ක් බලාගන්න ඇටම්පිටිය ආච්චි. එදා මට ඒ ආච්චි මුණගැසුණු දවසේ Bimalika Herath නංගි එව්ව හැරමිටි කාර් එකේ දාගෙන ආවේ නැහැ කියලා මං මගේ ඩ්රයිවර් මල්ලිට නොසෑහෙන්න දොස් කීවා. මොකද ආපසු එනවා කියන්නේ ලොකු වියදම් යන වැඩක් දුර නිසා. නමුත් කමක් නැහැ කියලා මම අද ආපසු ආච්චි සොයාගෙන ආවා. දුෂ්කර පාරක කිලෝමීටර් කිහිපයක් එන්න ඕන. ගෙදරට එනකොට ආච්චි නැහැ. හරක් ගේන්න ගිහින්. මං ඉතිං උත්සහය අත හරින්නේ නැහැනේ. හැරමිටියත් අරගෙන ආච්චි හොයගෙන ගියා. යනකොට හරකෙකුත්අ රගෙන, අතේ පාර්සලේකුත් තියාගෙන එනවා. මං මීටර් 15-20ක දුර ඉඳන්,
“ආච්චි මාව මතකද ඇහුවා?”
“මයෙ අප්පව අමතක වෙන්නේ කොහොමද, මං මේ දැනුත් පින් දිදී මතක් කර කර, අඬ අඬා ආවේ” කීවා.
මං ඇහුවා “ඒ මොකෝ හදිසියේ” කියලා, එතකොට තමයි මං අතේ තිබ්බ පාර්සලය දැක්කේ. එදා වාසනා නංගි දුන්න චීත්තය.
“මං ගියා පුතේ, පුතා දුන්න චීත්තේ මහන්න දෙන්න කියලා, ඒක මහලලු තියෙන්නේ, අනේ මට කඳුළු ආවා සතුටට, මං ඉතිං හිතෙන් පුතාට පිං දිදී එනකොට තමා මයෙ අප්පා ආවේ”
“පුතා ඕක ගෙනත් දුන්නට ඕක දුන්නේ දුවක්. යන්කෝ මං දුවට කෝල් එකක් අරන් දෙන්නම්, ආච්චි අම්ම ගෙදර ගිහින් අලුත් චීත්තේ ඇඳගෙන එන්නකෝ දුවට පෙන්වන්න ෆොටෝ එකක් ගන්න” කියලා මම කීවා.
අපි හිමින් සැරේ පහළට ඇවිදගෙන ගියා.
“මං පුතේ ඉපදුනේ 1930 ජනවාරි පළවෙනිදා. මට තාම පළවෙනිදගෙන් පස්සේ කිසිම කෙනෙක් තෑග්ගක් අරන් දුන්නේ නෑ. මයෙ පුතා තමයි තෑගි අරන් මාව බලන්න ආවේ.
පාරේ යනකොට මනුස්සයෙක් හම්බවුණා, ආච්චි එයාට කියනවා,
“මට හැරමිටියක් අරන් ඇවිත් මේ පුතා…”
“කවුද මේ ?” අර මාමා ඇහුවා.
“අර එදා මට බඩු ගෙනත් දුන්නේ, මේ චීත්තෙත් මට දුන්නා” කියාගෙන පහලට ආවා.
ගෑණු කෙනෙක් ආවා…
“අපේ දරුවෝ මට නොසැලකුවාට මට මේ දරුවා ඉන්නවා, අනේ මේ පුතා චීත්තයක් ගෙනත් දුන්නා, ඒක මහන්න දෙන්න ගියා, චීත්තේ මහලා තිබිලා තියෙන්නේ බලනකොට. අර එදා මට බඩු ගෙනත් දුන්න පුතා මේ”
බලාගෙන ගියහම ගමම මාව දන්නවා…
Anjalie Imaya

නංගිගේ තෑගි පාර්සලෙත් මං මේ ආච්චි අම්මටනේ දුන්නේ.

ගෙදරට ගිහින් ආච්චි චීත්තේ ඇඳගෙන එනකොට මං

Wasana Lakmali

නංගිට කෝල් එකක් අරන් දුන්නා… ගොඩක් පිං දුන්නා ෆෝන් එකෙන්. මං ආපහු එනකොට ආච්චි කියනවා, “අර දුව මාව බලන්න එනවා කීවා” කියලා.ආච්චි අම්මට වැඳලා, උම්මත් අරන් මං එන්න පිටත් වුණා…වාසනා නංගිගේ මීට වසර 4කට පෙර මෙළොවින් සමුගත් ආච්චි අම්මාට, ආර්. ඒ. ජේන් නෝනා මහත්මියට පිං පිණිස තමයි අපි එදා මේ චීත්තය දෙන පිංකම සිදුකලේ.නංගී ඔයා මේ කල කුසලයේ ආනුභාවයෙන් ඔයාගේ ආච්චි අම්මා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප තව තවත් වැඩි දියුණු වීමටත් කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා… ඒ වගේම ඔබ සහ ඔබ පවුලේ අම්මා ඇතුළු අනෙක් සියලු දෙනා නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. ඔබ සැමට උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…

අංජලී නංගිත් එදා කිරිපිටි සහ ඖෂධ අඩංගු පාර්සලයක් පරිත්යාග කලා. අංජලී නංගිගේ ආච්චිට දැන් වයස 86යි, සීයට 90යි. ඒ දෙන්නා වෙනුවෙන් තමා නංගී ඒ පිංකම සිදුකලේ. සීයා පසුගිය දිනවල රෝහල් ගත කරලා හිටියේ. දැන්නම් ගෙදර එක්කරගෙන ඇවිත්.
ඉතිං නංගී ඔබ මේ කලාවූ පුණ්යකර්මය හේතුවෙන් ඔබේ ආච්චි සහ සීයා නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. සීයාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා. පුණ්යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා.
දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.
මතු සම්බන්ධයි…
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments