අද මගේ ලොකු (දෙවෙනි) අක්කාගේ උපන්දිනය. ලියනවා කියලා කොච්චරක්නම් ලියන්නද… අද මම මේ තත්වයේ ඉන්නේ ඇය නිසා, ඇයගේ කැප කිරීම් නිසා. දස දහස් සංඛ්‍යාත අසරණ මිනිසුන් ප්රතිලාභ ලබන SamajaSathkara.lk හි නිර්මාණයට මූලික වුනේ ඇයගේ මගපෙන්වීම. සමාජසත්කාර Digital පිං පොත ඇයගේ අදහස් නිසා නිර්මාණය වූවක්…
සහෝදරියකට වඩා ඇය මවක් වගේ…
ඔබ වැනි සහෝදරියක් ලබන්න මං ගොඩක් පිං කරලා තියෙනවා….
සුභම සුභ උපන්දිනයක් අක්කේ….
ඇත්තෙන්ම අද මං මේ තත්වේ ඉන්නේ මගේ තාත්තටත් වඩා මගේ දෙවැනි අක්කගේ මග පෙන්වීම නිසා. එයා ගොඩක් බුදුදහමට ලැදියි. 1995 ඉඳන් එයා බෞද්ධ පොත්පත් තමා මට ගෙනත් දුන්නේ කියවන්න. 2000 වසර වෙනකොට රේරුකාණේ චන්දිවිමල ස්වාමීන් වහන්සේගේ ගොඩාක් පොත් මං ගාව තිබුණා. දවස පුරා කියෙව්වේ ඒවා. ඉස්කෝලේ ගිහින් ඇරිලා ආව ගමන් පන්සලට යනවා. 2 ඉඳන් 6 වෙනකම් පිරිවෙනේ ඉගෙන ගත්තා. පාලි, සංස්කෘත, අභිධර්මය හැමදෙයක්ම. ඇගේ මග පෙන්වීම නිසා පිරිවෙනේ දක්ෂම සිසුවා මං.
මාව අද මේ තත්වෙට ගෙන්න මහන්සි වුන ඔයාට ගොඩක් පිං අක්කා…
අද ඔයා නිසා දහස් සංඛ්‍යාත අසරණ මිනිස්සුන්ට පිහිටක් ලැබෙනවා…
ඒ හයිය, ඒ කාරුණික හදවත මට දුන්නේ ඔයා…
ඉස්සර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ, රේරුකානේ හිමියන්ගේ, අචාන් චා තෙරුන් වහන්සේගේ හැම පොතක්ම වගේ අක්කයි මායි පොඩි දවස්වලම වගේ මිලදීගෙන කියවලා තියෙනවා. ඉස්සර අක්කයි මායි දවසට පැයක් දෙකක් භාවනා කරනවා. එයා මං පොඩි කාලෙදි ‘‘පිං පොත’’ කියලා එකක් හදලා තියේ. දවසගානේ කරන දේවල් එයා ඒකේ ලියනවා. ඒක පස්සේ බලපුවහම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.
ඉතිං ඇයට උපහාරයක් ලෙස තමා 2015දී මම SamajaSathkara Digital පිං පොත ආරම්භ කලේ. මේ අවුරුද්දේ ඇය වෙනුවෙන් මම Digital පිංපොත වෙබ් අඩවියක් ලෙස එලිදක්වන්න තීරණය කලා. අක්කා දවසට පුංචි පුංචි පිංකම් 30-40ක් කරනවා. මුදල් වියදම් නොකර පිංකම් කරන්නේ කොහොමද කියලා ඉදිරියේදී ඔබට පෙන්වන්නම්…. ඇගේ මග පෙන්වීමෙන් මා ඔබට මග පෙන්වන්නම් යහපත් දේ කරන්න.
සුභ උපන්දිනයක් අක්කා.








0 Comments