අද පාන්දරම මම ගියා මංගෙදර පුරාණ විහාරස්ථානයට. වැලිවිට ජනානන්ද ස්වාමීන්වහන්සේ තමයි මේ පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ. උන්වහන්සේ තමයි මට අකුරු කියෙව්වේ. අපේ ගමේ පන්සල පොඩි පන්සලක්. මම අද ගියේ පන්සලේ අඩුපාඩු බලන්න. මේ පන්සලේ පිරිවෙනට තමයි අපි වැසිකිලි 4ක් හදන්නේ. ඉඩම තාම පන්සලේ නමට හරවාගන්න බැරිවුණා. ඒක නිසා ටිකක් ප්‍රමාදයි ඒ පිංකම. අදත් හාමුදුරුවෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වඩිනවා කීවා ඒ ගැන සොයා බලන්න.
අපි මේ පන්සලේ චෛත්‍යය, වළකුල් බැම්ම සහ බෝධි ප්‍රාකාරය පේන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා…
මාගේ අවුරුදු 7ක සමාජසත්කාර ජීවිතයේ ගම වෙනුවෙන් ආරම්භ කල එකම ව්‍යාපෘතිය. අනික් බොහොමයක් අය වගේ තමන් ඉන්න තැන, තමන්ගේ ගම, බල ප්‍රදේශය, වසම, ආසනය වෙනුවෙන් කැපවෙන්න නෙමේ මට ඕන. උදව් අවශ්‍ය තැන් වලටයි මම උදව් කරන්නේ. මොකද මම ඡන්දේ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. ගමේ හොඳ නමක් බලෙන් හදාගන්න මට අවශ්‍ය නැහැ. ගමේ හිටිය 1986-2009 කාලයේ ගමේ අය මාව දැනගෙන හිටියත්, දැන් මාව අඳුරන්නෙත් නැහැ. 2006-2009 කාලයේ ගමේ පන්සලේ, නැණසලේ ඉඳන් මං ගම දියුණු කලා. ගම දියුණු වුනත් පන්සල තාම දියුණු නැහැ. ඒක නිසා පොඩි දායකත්වයක් දෙන්න හිතුවා…
Location : මංගෙදර, තුල්හිරිය (කෑගල්ල දිස්ත්‍රික්කය)







