පසුගිය වසර 7 පුරාවට මාගේ ෆේස්බුක් භාවිතය

by | Jul 4, 2016 | InstantNews | 0 comments

පසුගිය වසර 7 පුරාවට මාගේ ෆේස්බුක් භාවිතය
පසුගිය වසර 7 පුරාවට මාගේ ෆේස්බුක් භාවිතය | පැය 40,500±ක ෆේස්බුක් එකේ ගතකල ජීවිතය
7 years, 4 months, 23 days.
233,280,000 seconds
3,888,000 minutes
64,800 hours
2700 days
385 weeks and 5 days
අවුරුදු 7ක් ෆේස්බුක් හිටියා.
අසරණ මිනිසුන් 20,000කට ආසන්න පිරිසකට උදව් කලා.
ව්යාපෘතිය 1,300කට වඩා සිදුකලා.
ෆේස්බුක් යාලුවෝ 5,845ක් ඉන්නවා.
Fansලා 10,377 දෙනෙක් මාව Follow කරනවා.
ජීවිතේට මාව නොදන්න දස දහස් ගණනක් මට ආදරේ කරන කළ්යාණ මිත්රයෝ ෆේස්බුක් ඔස්සේ අඳුර ගත්තා… නෑදෑයොවත් නොකරන දේවල් මං වෙනුවෙන් කලා.
හතුරෝනම් නොසෑහෙන්න ඇතිවුණා. හතුරෝ කියන්නේ ඔක්කොම මගේ ලඟම හිටිය මගෙන් ඕන ප්රයෝජන ගන්න බැරිවුණ යාලුවෝ සහ මගේ ජීවිතයට ඊර්ෂ්යා කල යාලුවෝ. ඔය දේවල් කරනවනම් යාලුවෝ වෙන්න බෑනේ, පාප මිත්රයෝ…
සාමාන්යයෙන් මං ෆේස්බුක් News Feed එක බලනවා අඩුයි. ඒක තමයි ගොඩක් වෙලාවට මට යාලුවන්ට උපන්දිනයට සුභ පතන්න සහ ඔයාලගේ විශේෂ දේවල් ගැන මම දන්නේ නැත්තේ. මොකද හැම තත්පරයක්ම මම ඉන්නේ මගේ වෝල් එකේ. වෙන දෙයක් බලන්න වෙලාවක් නැහැ.
කිසිම පෝස්ට් එකක් මම Like කරන්නේ හෝ ශෙයාර් කරන්නේ නැහැ. මොකද ෆේස්බුක් කියන්නේ මගේ ජීවිතය. ඉතිං මං ලයික් කරන, ශෙයාර් කරන දේවල් අනුව ඔබ මාගේ ප්රතිරූපය මවාගන්න නිසා මම මං කරන මට අදාල දේවල් විතරයි දාන්නේ. ඔයාලට අදාල නැතිනම් අමතක කරලා දාන්න.
දවසක් නිකමට වාගේ ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් ලයික් කලා. එයා මොකක්දෝ competition එකට ෆොටෝ එකකට like එකතු කරනවා. අඳුරන්නෙත් නැහැ. කමක් නැහැ පවු කියලා ලයික් කලා. විනාඩි 5ක් ගියේ නැහැ. අපේ අක්කා කෝල් කරලා ඇහුවා කවුද අර කෙල්ල, මොකටද ලයික් කලේ කියලා. එක ලයික් එකට ඔහොම වුණානම් අනික් අය වගේ ලයික් 500-600 දැම්මොත් මොනව වෙයිද දන්නේ නැහැ.
දවසට චැට් 500ට වඩා එනවා. හොට්ලයින් 3කට ඇමතුම් 100කට වඩා එනවා. Viber, Imo, Whatsapp, Line, Skype, Messanger Call ගොඩක් එනවා. ඔය හැම දෙයක්ම රටේ අසරණ අයගේ සුභ සිද්ධිය වෙනුවෙන් තමා මම භාවිතා කරන්නේ.
සම-හරක් අය අනුන්ගේ ඕප දූප හොයන්න, අනුන්ට මඩ ගහන්න, ඕපදූප කියන්න, මිනිසුන් අමාරුවේ දාන්න, තමන්ගේ ආදරණීයන්ට හොරා වෙනත් අය සමඟ සබඳතා පවත්වන්න, අනවශ්ය දේ වලට කාලය නාස්ති කරන්න වගේ නොවැදගත් දේ වලටත් ෆේස්බුක් භාවිතා කරනවා.
ෆේස්බුක් කියන්නේ හරියට පිහියක් වගේ. අපිට ඒක පාන් කපන්නත්, කාගේ හරි බෙල්ලක් කපන්නත් භාවිතා කරන්න පුලුවන්. භාවිතා කරන ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුලුවන් මොන වගේ චරිතයක්ද කියලා.
සමහර වෙලාවට සමහර මිනිස්සු අපිට ලං වෙන්නේ අපිට උදව් කරන්න නෙමේ අපිට උදව් කරනවා කියලා පෙන්වලා අපිව වට්ටන්න. අනිත් එක මං ලඟ හිටියා කියලවත්, මගේ ව්යාපෘති වල ෆොටෝ වල හිටියා කියලවත් මිනිස්සු විශ්වාස කරන්න එපා. මං නිසා එයාලව විශ්වාස කරලා අමාරුවේ වැටිලා මට කියන්නත් එපා. ඔයාලත් සීමා අඳුරගෙන වැඩ කරන්න. ව්යාපෘති වලට අද වෙනකම් සම්බන්ධ වුණ කිසිම කෙනෙක්ව මම පෞද්ගලිකව අඳුරන්නේ නැහැ. 3-4 ඇරෙන්න මම ඉන්න තැනක් දන්නෙත් නැහැ. අනික මට එයාලගේ පෞද්ගලික ජීවිතත් අදාල නැහැ. මගේ ව්යාපෘති වලට එන අය හොරු, මිනීමරුවෝ, ස්ත්රී දූෂකයෝ කවුරු වුනත් මට අදාල නැහැ. ප්රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා ගියාට පස්සේ මම ආපහු ඒ අය ගත කරන ජීවිතත් මට අදාල නැහැ. මොකද මම එයාලට කන්න, බොන්න දෙන්නෙත් නැහැ, මං එයාලව හදලත් නැහැ.
සමහර අය මාව ෆේස්බුක් ඇඩ් කරගෙන ඉන්නේ මං කරන දේවල් ගැන අනික් අයට ඔත්තු සපයන්න, මං යන එන ගමන්, ආශ්රය කරන අය හොයන්න. සමහර අය ලඟ ඉන්නකොට කැමරාව ඔන් කරන් ෆොටෝ ගහලා තව අයට යවනවා, එක්කෝ වොයිස් රෙකෝර්ඩ් කරනවා. පව් මං ගැන ඔත්තු බලන අයගේ ජීවිත ගැන හිතනකොට ඒ අය කරන පහත් වැඩ, හොර වැඩ හිතනකොට ඒවට හිනාවෙන්න වෙනම නිවාඩු දාන්න වෙනවා. මට අදාල නැති නිසා පාඩුවේ ඉන්නවා.
සමහර වෙලාවට මං ගැන කට්ටිය ප්රතිරූප මවාගන්නේ මං ලඟ ඉඳලවත්, මාව ආශ්රය කරලවත් නෙමේ, අනුන්ගේ කේලම් අහලා. සමහර අය හිතන්නේ මං ලඟ ඉන්න කෙනෙක් මං ගැන වැරදි දෙයක් කීවහම ඒක 100%ක් හරි කියලා. මොකද මම ඒ අය වගේ හතර වටේ පද හද හදා, පෝස්ට් දදා, කේලම් කිය කියා යන්නේ නැහැනේ. මගේ නිශ්ශබ්දතාවය කට්ටිය හිතන්නේ මං වැරදි නිසා කියලා. මං එහෙම නොකරන්නේ මට අදාල නැති නිසා. බල්ලෙක් අපේ හපා කෑවොත් අපි බල්ලගේ හපන්නේ නැහැනේ.
මගේ උප්පැන්න සහතිකේ ගැන හොයන අය තමන්ගේ කසාද සහතිකෙයි වටේ ඉන්න අයගේ කසාද සහතික ටිකයි රැකගන්න උත්සාහ කලානම් ගොඩක් වටිනවා. නැත්නම් තමන්ගේ දරුවගේ උප්පැන්න සහතිකේ නම නමට විතරක්ම තියේවි…
මගෙන් අවශ්යතා ඉටුකරන්න බැරි අය අන්තිමේදී මට විරුද්ධව කතා කරනවා. විරුද්ධව කතා කරන තව අයව උදේ හවහා එකතු කරනවා. මොකකටවත් නෙමේ ඒ අය පාවිච්චි කරලා මාව නැති කරන්න. ඒ නාස්ති කරන කාලේ තමන්ගේ පවුල ගැන හිතුවනම් ඒකවත් රැකගන්න පුලුවන්. කණ්නාඩියක් ඉස්සරහට ගියානම් අනුන්ට පද හදන්න කලින් තමන්ගේ හැටි මතක් වෙයි. සමහර අය 7-8 දෙනා එකතුවෙලා මට විරුද්ධව පෝස්ට් දාගෙන එයාලම චැට් වලින් කතාවෙලා කමෙන්ට් දානවා. ඒවා දැක්කහම හිනා යනවා. සමහර අය පත්තිනි අම්මලා වගේ හැසිරෙනවා. ඒ අය තරම් නෑ වගේ රටේ ලෝකේ අයට පෙන්වනවා. ඒ මිනිස්සුන්ගේ වැරදි වහගන්න අනික් අයගේ වැරදි ඉස්මතු කරලා පෙන්වන්න හදනවා. අනුන්ගේ වැරදි පෙන්වලා තමන්ගේ වැරදි යටගහන්න පුලුවන්නම් අපේ රටේ කිසිම වැරදි කාරයෙක් නැතිවේවි.
සමහර අය මගේ ජීවිතය විනාස කරන්න හැදුවට මං එහෙම කරන්නේ නැහැ. මොකද මම හැමෝටම ආදරය, කරුණාව, දයාව උගන්වන කෙනෙක්. ආදර්ශමත් වෙලා මග පෙන්වන කෙනෙක්. මට කරන්න බැරි, මං නොකරන දේවල් මම අනික් අයට කරන්න කියන්නේ නැහැ.
මං මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. කාගෙවත් යටතේ වැඩ කරන්නේ නැහැ. කාගෙවත් අණට යටත් වෙන්නෙත් නැහැ. මට හරියි කියල හිතෙන මං ජීවත් වෙන්න කැමති විදිහට මං ජීවත්වෙනවා. 2006-2016 අද වෙනකම් සමාජසත්කාර දිනෙන් දින දියුණු වෙන්නේ ඒක කා මතවත් යැපෙන්නේ නැති නිසා. දස දහස් ගණනක් හදවත් ඇති මනුස්සයෝ මට එකතු වෙලා ඉන්නවා. කට්ටිය එනවා, යනවා. මං දිගටම ඉහළට යනවා. දිනෙන් දින වැඩියෙන් වැඩ කරනවා. එක සැලසුමක් වැරදුනහම තව සැලසුමක් හදනවා අඩු පාඩු හදාගෙන. පාප මිත්රයෝ ජීවිතෙන් ඈත් කරනවා. අන්න ඒකයි දියුණුවේ රහස. ගෙදරදී අතින් බත් කටක් කන්නේ නැති, නාලා කාට හරි කියලා ඔලුව පිහදාගන්න හුරතලේට පොඩි කාලේ ඉඳන් හැදුන මම එළියට බැස්සට පස්සේ රට හදන්න ෆේස්බුක් බලකායන් හදාගෙන, 100-200 ඉන්න organization හදාගෙන, උදේ හවස ෆේස්බුක් එකේ රට හදන්න ෆේස්බුක් පෝස්ට් හද හදා හතරවටේට බැන බැනා ඉන්න, දේශපාලන පක්ෂ වලට කඩේ යන අයට වඩා හයියක් මට තියෙනවා. වැටෙන්නෙත් නැහැ. වට්ටන්නත් බැහැ. වැටුනත් නැගිටිනවා ආයෙත්….
මගේ ව්යාපෘති වලට ආධාර කරන කෙනෙක් නෙමේනම්, Volunteer කෙනෙක් නෙමේනම්, යාලුවෙක්, නෑදෑයෙක් නෙමේනම්, මගේ පිංකම් බලලා සතුටුවෙන කෙනෙක් නෙමේනම් මාව Unfriend කලාට කමක් නැහැ. මොකද පාප මිත්රයෝ, ඊර්ෂ්යාකාරයෝ, කේලම් කාරයෝ, ඔත්තු බලන්න ඉන්න අය, වාසිගන්න, මොනව හරි ඕනවුණහම විතරක් කොල් කරන අය තියාගෙන ඉන්න ඕන නැහැ. කළ්යාණ මිත්රයෝ ජීවිතයට සම්බන්ධ කරගන්න මට ඉඩ ඕන. මොකද 5,000ට වඩා එකතු කරගන්න බැහැනේ.
ෆේස්බුක් රටේ යහපතට පමණක් යොදාගන්න…. අනුන්ගේ ජීවිත ගැන සෙවීමෙන් ඔබේ ජීවිතයට යහපතක් සිදුනොවේ. රන් හා වටිනා කාලය අනුන්ගේ යහපත වෙනුවෙන් යොදාගන්න, ඔබේ ජීවිතයත් සාර්ථක වේවි…
මගේ ජීවිතය ගැන මම සතුටුයි, ඔබත් පසුවට සතුටු වෙන්න පුලුවන් දේවල් කරන්න…
මං වගේ වෙන්න උත්සාහ කරන්න එපා, මොකද ඒක කරන්න අපහසු නිසා නෙමේ බැරි නිසා….
අදහස

Danesh Maduranga Edirisooriya
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments