සෙනෙහසේ වාහනය

by | Sep 22, 2019 | Travel

සෙනෙහසේ වාහනය

මහමග ජීවිතයෙන් බිඳක්….

ගොඩක් අය අහනවා දවස පුරා ඇවිදිනකොට වැඩ කරන්න වෙලාවක් කොහොමද කියලා. ගතවෙන හැම තත්පරේකම වැඩ කරනවා. එහෙමයි වැඩ ගොඩක් කරන්නේ. ඒකයි මට චැට් කරන්න වෙලාවක් නැත්තේ.

පුණ්‍යභූමි වැඩසටහනේ වැඩ වලින් 90%ක් සිදු කරන්නේ කාර් එක තුල සිටය. පන්සල් වල තොරතුරු ස්කෑන් කර ගැනීම, ටයිප් කිරීම, වෙබ් අඩවි නිර්මාණය / යාවත්කාලීන කිරීම, විහාරස්ථාන Database නිර්මාණය කිරීම අදියද, මාගේ පෞද්ගලික ව්‍යාපාරික කටයුතු, සමාජසත්කාර කටයුතුද සියල්ල සිදු කරන්නේ වාහනයේ සිටින අතරතුරයි. දිනකට පැය 15ක් පමණ/ජීවිතයෙන් වැඩි කාලයක් ඒ ආකාරයට වාහනය තුල කාලය ගත කරයි.

~සෙනෙහසේ වාහනය – Smart Car~
One of the Most Advanced (High Tech) Vehicle in Sri Lanka

මෙය සියලුම Digital උපාංග වලින් සමන්විතය. (i7 Laptop, i5 Laptop, GoPro, DSLR Camera, Portable Chargers, 2 WiFi Routers, Mp3 Players, Scanner, Printer, Photocopy machine, Mobile Priner, Fax Machine*, TV, Mini Refrigerator, 6 TB Backup Storage for photos & vidoes etc, Tab, 10 Mobile Hotlines for different projects/institutes, Amazon Alexa and Google Home Mini for voice control, 8 Cameras for Guesture Control)

පැය 24 පුරා Network 4ක් ඔස්සේ නොකඩවා WiFi පහසුකම සැපයේ. (එසේවුවත් කරුණාකර මැසෙන්ජර් කෝල් ගැනීමෙන් වළකින්න)

කාරයේ බොහොමයක් ක්‍රියාකාරකම් මාගේ කාමරය නිර්මාණය කර ඇති ආකාරයටම කටහඬින් සහ හස්ත සංඥා ඔස්සේ ක්‍රියාත්මක වේ. ඊලඟට කලයුතු ව්‍යාපෘතිය කුමක්ද යන්න ආදිය පිළිබඳව මාගේ මාසික කැලැන්ඩරය පරික්ෂා කර දැනුම්දීමද කාර් එක විසින් සිදුකරයි.

ඒ ආකාරයට බොහොමයක් කටයුතු ස්වයංක්‍රීයව සිදුවන නිසා කාලය බොහොමයක් ඉතිරිවේ.

දින 3ට සෑහෙන්න ආහාරපානද (ක්ෂණික), සති 3ට සෑහෙන්න ඇදුම්වලින්ද සමන්විතය.

පවුල් 150ට බෙදා දිය හැකි සරම්, චීත්ත, වියළි ආහාර ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, පාසල් ලිපිද්‍රව්‍ය ආදියෙන්ද මේ “සමාජසත්කාර 24/7 සෙනෙහසේ වාහනය” සමන්විතය.

දිනකට උපරිමය කිලෝමීටර් 500**ක් දක්වා ධාවනය කිරීමට බලාපොරොත්තු වේ. උපරිම ධාවන වේගය 30-40km/h (දුෂ්කර ප්‍රදේශ වල සෙනෙහසේ චාරිකා වලදී)

නිදාගැනීමේ පහසුකමද සහිතය. වායුසමනය කර ඇත  Full Insured (Including Passengers – බය නැතුව ඔයාලට යන්න පුලුවන්, හැබැයි ඉතිං ඇක්සිඩන්ට් එකක් වුනහම ඔය දෙනවා කියන ඒවා දෙන්නෙ නෑ)

සමාජසත්කාර සෙනෙහසේ චාරිකා – Helping Everyone | Everyday | Everywhere

** For pre-planned programs

Follow Danesh Maduranga Edirisooriya

 

0 Comments