“සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි.

by | Feb 23, 2020 | Awards

“සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි.

වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා “දහම් සිසිල” පදනම මගින් ඓතිහාසික මීරිගම පුරාණ විහාරස්ථානයේදී

“සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි.

දරුවෙක්, සහෝදරයෙක් විදිහට මගේ පවුලේ අය වෙනුවෙන් මට ලබාදෙන්න පුලුවන් උපරිම ගෞරවාදරය මම වසර ගණනාවක් පුරාවට සමාජ සේවය අතින් විශිෂ්ඨයෙකු වී ඔවුනට ලබාදුන්නා… අද මගේ පියා ජීවතුන් අතර නැති වුණත් මං දන්නවා ඔහු සිටිනා තැනක සිට මට ආශිර්වාද කරන බව…

මේ ගෞරව නාමය මාහට පමණක් නොව එදා මෙදා තුර SamajaSathkara.lk හා ශ්‍රමයෙන්, මුදලින් සහ නන් අයුරුන් දායකවූ සැමට අයිති බව මා මතක් කර සිටිනවා.

දිවි තිබෙන තුරා රට, ජාතිය, ආගම වෙනුවෙන් (සකල ලෝක වාසී සියලුම සත්වයින් වෙනුවෙන්) කැපවෙන බවද, දිවි තිබෙන තුරා දේශපාලනයට සම්බන්ධ නොවන බවද මෙයින් දැනුම් දෙමි.

සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්, දේශකීර්ති ශ්‍රීලංකා පුත්‍ර දේශමාන්‍ය ධනේෂ් මධුරංග එදිරිසූරිය
නිර්මාතෘ, අධ්‍යක්ෂක – SamajaSathkara.lk

 

0 Comments