පහුගිය සතියේ අපේ පවුලේ හැමෝම වගේ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා. එයාලා ගෙදර එක්ක එනකොට මං අසනීප වුණා. සති 1 1/2ක් පුරාවට ඇඳට වෙලා හිටියේ. ඩෙංගු වලට අදාලා සියලුම රෝග ලක්ෂණ තියෙනවා. හොස්පිටල් එකට යාගන්නවත් මේ දවස් ටිකේ කවුරුත් හිටියේ නැති නිසා බේත් ගන්න එක අමතක කරලා දිගටම නිදාගත්තා. මං ගියොත් අම්මත් තනියෙන්නේ.
බලන්න ආපු යාලුවන්ට ගොඩක් පිං…
ජීවිතේ ගැන ආසාව අත ඇරලා රෑට නිදාගන්නේ. උදේට නැගිටිනකොට ජීවිත්වෙන නිසා දවල්වරුව කොහොම හරි ඉඳලා ආයේ රෑට නිදාගන්නවා… පොඩ්ඩක් හරි නැගිටලා වැඩක් කලොත් දවසම අමාරුයි.
ඊයේ ගොඩක්ම අසාධ්‍ය වුණ නිසා ඉසුරු මල්ලි නිවාඩු දාලා ආවා දවසක් දෙකක් ලඟ ඉන්න කියලා. අද උදේම හොස්පිටල් යන්න හිතාගෙන හිටියේ. නමුත්….
අද උදේම කෝල් එකක් ආවා වැස්සියෝ දෙන්නෙක්, වස්සෙක් සහ එළුවෝ 4 දෙනෙක් මරන්න යනවා කියලා. දවසම නිදාගන්න කියලා හිතුවත් මට ඒ සත්තු මැවි මැවී පේන්න ගත්තා….
අන්තිමේදී හොස්පිටල් ඇඩ්මිට් වෙන එක පැත්තක තියලා ඒ සත්තු බලන්න යන්න තීරණය කලා. වෙනදටනම් හරක් බේරන්න යනකොට ටයි දාලා ෆුල් කිට් ගහලා යන්නේ. අද මට ඇඳුමක්වත් අඳින්න පණ නෑ. කාර් එකේ සත්තු ඉන්න තැනට ගියොත් කලින් පාරවල් වල වගේ සාමාන්‍ය ගාණට වඩා 3-4 ගුණයකට උන්ව විකුණයි අපිට. ඒක නිසා කිට්ටුවට ගිහින් බයික් හරි ත්‍රී වීලර් එකක යනවා….
පැය කිහිපයක් ඇඳෙන් බැහැලා ට්‍රැවල් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මට හවසට හොඳටම අසනීප වෙනවා. සත්තුන්ව බලලා, ගණන් කතාකරගෙන, බාරදෙන්න පවුලක් සූදානම් කරලා මම හොස්පිටල් ඇඩ්මිට් වෙනවා. ඔයාලගේ උදව් ඕන වෙනවා ඊලඟ දවස් ටිකේ සත්තුන්ව බේරගෙන භාරදෙන වැඩකටයුතු කරන්න වුනොත්. හලාවත පැත්තේ යාලුවෝ ඉන්නවනම් කියන්න.
මේ පිංකමට මූල්‍ය දායකත්වය දක්වන්න කැමති අයත් ඉන්නවනම් දැන්ම කමෙන්ට් එකක් දාන්න. රු.100ක් වුනත් කමක් නෑ. එකතු වුනොත් අපිට පුලුවන්. මං විස්තර බලලා දැනුම් දෙන්නම්…
අපි එකතුවෙලා මේ අසරණ සතුන්ට අභයදානය දෙමු….
ලැහැස්ති වෙලා ගත්ත ඡායාරූප කිහිපයක්…








0 Comments