වෙනදට මං ලංකාව පුරා සංචාරය කරනවනේ අන්ත අසරණ මැටි, ලෑලි ගෙවල් වල ඉන්න දුප්පත් අය හොයාගෙන. කිලෝමීටර් 200-300 දුර පලාත්වලනේ මම යන්නේ…. ඇඳිරිනීති බලපත්රය ලැබුනේ ගම වටේ යන්න. සති 3ක් ගෙදරට හිරවුනා. ඉතිං ඒක නිසා ගොඩක් දේවල් දැනගන්න ලැබුණා.
1. ගමේ වැවක් තිබිලා.
2. රක්ෂිත වනාන්තරයක් තිබිලා.
3. මැටි, ලෑලි ගෙවල් තියෙනවා.
4. එදා වේලවත් කන්න නැති අසරණ පවුල් තියෙනවා.
5. අපේ අල්ලපු වැටේ ලොකු ගෙයක් හදලා එහේ ගෑනු කෙනෙකුයි, ළමයි දෙන්නෙක්ද කොහෙද ඉන්නවා.
6. අපේ වත්තේ මායිම් ටික දැක්කා.
7. ගෙදර බල්ලො දෙන්නගෙත් වරදක් නෑ, හරි හොඳයි.
8. අපේ ගෙදර මිනිස්සුත් හරි හොඳයි, ගුණයහපත් මිනිස්සු. ටිකක් කතාබස් කලා.
9. ගෙදර ලයිට් වල ස්විච් තියෙන තැන් ටික හොයාගත්තා.
10. ගමේ ගොඩක් මිනිස්සු මාව අඳුරනවා.
11. පාරේ යනකොට “ආ මල්ලි/පුතේ යන්නම්” කියපු අයගේ ගෙවල් දැක්කා.
12. මෙහෙණි ආරාමයකුත් තිබිලා ගමේ…
ඔය වගේ ගොඩක් දේවල් ඉතිං ඉගෙන ගත්තා, අඳුරගත්තා, අත්වින්ඳා.








0 Comments